AUG
13
ජනාධිපති අරමුදලේ ආධාර මුදල් ගෙවීම යළි ආරම්භ කරයි

ජනාධිපති අරමුදලට ලැබුණු අයදුම්පත් සඳහා ආධාර මුදල් ගෙවීම යළි ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ 2020 වර්ෂයෙන් පසු ලැබුණු අයදුම්පත් සඳහා ආධාර මුදල් ගෙවීම නතර කර තිබූ බවයි.
එලෙස ආධාර මුදල් ගෙවීම නතර කර තිබුණේ රට තුළ ව්‍යාප්ත වූ කොවිඩ් වසංගතය හේතුවෙනි.
කෙසේ නමුත් ආධාර මුදල් ගෙවීම යළි ආරම්භ කර ඇති අතර හෘද සැත්කම්, වකුගඩු බද්ධ කිරීම්, අක්මා බද්ධ කිරීම් ඇතුළු බරපතළ රෝග තත්ත්වයන් සඳහා වන සැත්කම්වලදී වැය වන මුදලින් කොටසක් ජනාධිපති අරමුදලින් ලබා ගත හැකිය.
226 Views
Comments