කෙසෙල් ගෙඩියක් සිරවී මාස 11 ක බිලිඳා ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
13

කෙසෙල් ගෙඩියක් සිරවී මාස 11 ක බිලිඳා ජීවිතක්ෂයට

කෙසෙල් ගෙඩියක් සිරවී මාස 11 ක බිලිඳා ජීවිතක්ෂයට

කෙසෙල් ගෙඩියක කොටසක් උගුරේ සිරවීමෙන් මාස 11 ක් වයසැති බිළිඳකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

මව විසින් බිළිඳාට ආහාරයට දුන් කෙසෙල් ගෙඩියක කැබැල්ලක් මෙලෙස සිර වී ඇති අතර බිලිදා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වූවා.

 

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූයේ අහංගම පොලිස් වසමේ පදිංචි චලන නිම්සර නමැති පිරිමි දරුවෙකි.


මෙවැනි අවස්ථාවක ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මෙලෙස පැහැදිලි කළා.

 

"මොනවා හරි හිර කරගත්තොත් දරුවා කෑම ගනිද්දි, කිරි බොද්දි හිරවෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක දී හිස පහළට දාලා කකුල් දෙක ඉහළට අරන් පිටට පස් වතාවක් ගහන්න බලන්න. එහෙම වුණොත් කිරි හිරවුණ එක කෑම හිරවුණ එක අපිට එළියට ගන්න පුළුවන්. එහෙම නැතුව කෑමක් හිරවුණොත් ඒ දරුවාගේ හිස ඉහළට ගත්තොත් ඒ හිරවුණ කිරි හෝ කෑම හෝ දරුවාගේ පෙනහලුවලට ගිහින් හුස්ම ගැනීමේ අපහසුතා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ ප්‍රථමාධාරය දැනගත යුතුයි. විශේෂයෙන්ම ඔරලෝසු බැටරි වගේ දේවල් කටේ දාගන්න දරුවෝ ඉන්නවා ඒවා පෙනහලු මාර්ගයට ගියොත් ඉතාම භයානකයි. දරුවෝ ගැන අවධානමින් හිටියේ නැත්නම් ඒ දරුවන්ගේ මරණය පවා සිදුවෙන්න පුළුවන්. දරුවන්ට සෙල්ලම් කරන්න ඉඩදෙන්න. නමුත් පිටුපසින් සිට ඔවුන් ව හොඳින් බලාගන්න."

views

15613 Views

Comments

arrow-up