JUN
21
දූෂණ විරෝධී පනතට විපක්ෂයෙන් සංශෝධන 43ක්

දූෂණ විරෝධී පනත් කෙටුම්පත සඳහා සංශෝධන 43ක් විපක්ෂය ලෙස ලබා දුන් බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දි වීරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
සොරකම සම්බන්ධ නීති ලිහිල් කරන්නට නොව ජනතාව බලාපොරොත්තු වන ආකාරයෙන් පනත දියුණු කරන්න ඒ සංශෝධන ලබා දුන් බව මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළේය.
පනතේ වගන්ති 163ක් තිබෙන නමුත් හොරකම් කර පිටරට ගෙනගොස් තිබෙන මුදල් නැවත රටට ගෙන ඒම ගැන සඳහන් වන්නේ එක වගන්තියක පමණක් බවද වීරක්කොඩි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
258 Views
Comments