11 වියැති සාමනේර නමකට බරපතළ ලිංගිත අතවර කළ චීවරධාියෝ සොයා පොලිස් පරීක්ෂණ

අවුරුදු 11ක් වයසැති සාමාණේර හිමිනමකට වසර 03 ක සිට බරපතළ ලිංගික අතවර කිරීමේ චෝදනා එල්ලවී ඇති විහාරාධිපති හිමිනමක් ඇතුළු ස්වාමීන් වහන්සේලා තුන්නමක් විහාරස්ථානයෙන් පළාගොස් ඇතැයි පයාගල පොලිසිය ප්‍රකාශ කරයි. පයාගල ගොරකදෙනිය විහාරස්ථානයකදී මෙම සිද්ධිය සිදුවී ඇති අතර සාමණේර හිමිනමගේ මව විසින් කළ පැමිණිල්ලක් අනුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබුණි.
අදාල පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ, සාමණේර හිමිනමට 2021 වර්ෂයේ සිට විහාරාධිපති හිමියන් සහ තවත් ස්වාමීන්වහන්සේලා දෙනමක් සිය කුටිවලදී වරින්වර බරපතළ ලිංගික අතවර සිදුකළ බවටය. සිද්ධියට මුහුණ දුන් සාමණේර හිමිනම වෛද්‍ය පරීක්ෂණ සඳහා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි ද වාර්තා වෙයි. පයාගල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ සිදුකෙරෙයි
289 Views
Comments