උඩුගුවනේදී ආපසු හැරුණු ශ්‍රී ලංකන් ගුවන් යානය

මගීන් 256 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 14 ක් රැගෙන ඩුබායි බලා පිටත්ව ගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානාවක් කාර්මික දෝෂයක් හේතුවෙන් ආපසු කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබෙන බව වාර්තා වේ.
ඊයේ පස්වරු 06.30 ට පමණ ගුවන්ගත වූ මෙම යානය පැයක පමණ කාලයක් ගමන් කිරීමේදී මෙම දෝෂය වාර්තා වී ඇති අතර, ඒ හේතුවෙන් ආපසු ගුවන්තොටුපල වෙත හරවාගෙන පැමිණ ඇති බව වාර්තා වේ.
එම ගුවන් යානය වෙනුවට වෙනත් යානාවක් යෙදවීමටද සමාගම පසුව කටයුතු කර තිබුණු බව ආරංචි මාර්ග හෙළි කරයි.
254 Views
Comments