මැරතන් ධාවන තරගයක් අතරමැද කුඩා දරුවෙකු මිය ගිය ගල්කිරියාගම ඛේදවාචකය
විදේශගත ඔබට
Latest_News
calendar
APR
22

මැරතන් ධාවන තරගයක් අතරමැද කුඩා දරුවෙකු මිය ගිය ගල්කිරියාගම ඛේදවාචකය

මැරතන් ධාවන තරගයක් අතරමැද කුඩා දරුවෙකු මිය ගිය ගල්කිරියාගම ඛේදවාචකය

ගල්කිරියාගම පොලිස් වසමේ පලාගල, කුඩාහෙට්ටාව ප්‍රදේශයේ පැවැත්වූ අවුරුදු උත්සවයක මැරතන් ධාවන තරගකරුවන්ගේ සහායට මාර්ගයේ දිවයමින් සිටි 10 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

 

අද (22) පෙරවරුවේ පැවති මැරතන් ධාවන තරගය සඳහා සහභාගී වූ සිය වැඩිමහල් සහෝදරයාට සහාය දැක්වීමට පසුපසින් දිවගිය එම දරුවා මාර්ගයේ එක්වරම ඇද වැටුණු බව ප්‍රදේශවාසීන්  සඳහන් කරයි.

 

 

දරුවාව කඩිනමින් කලාවැව ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් තිබේ.

 

 

දරුවාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පශ්චාත් මරණ පරීක්ෂණය කැකිරාව රෝහලේදී සිදුකිරීමට නියමිත බව ගල්කිරියාගම පොලීසිය සඳහන් කොට ඇත.

views

199 Views

Comments

arrow-up