ලක්ෂ 05 ක රන් ආභරණ වලට විද්ද ෆේස්බුක් මිතුරා දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
14

ලක්ෂ 05 ක රන් ආභරණ වලට විද්ද ෆේස්බුක් මිතුරා දැලේ

ලක්ෂ 05 ක රන් ආභරණ වලට විද්ද ෆේස්බුක් මිතුරා දැලේ

පෙරේදා (12) පස්වරුවේ ෆේස්බුක් ඔස්සේ මිතුරු වී නාවලපිටිය, කුරුඳුවත්ත පොලිස් වසමේ කබරගල තරණය කරන්නට ගොස් මිතුරාගේ රුපියල් 465,000 ක රන් ආභරණ සොරා ගත් බව කියන බලංගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිසිය පවසන්නේ, වත්තල ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකරු, සැකකරු හා මෙයට දින කිහිපයකට පෙර ෆේස්බුක් ඔස්සේ මිතුදමක් ගොඩනඟාගෙන ඇති බවත් පසුව ඔවුන් කොළඹ කොටුවේ සිට දුම්රියෙන් නාවලපිටියට පැමිණ 11 දා කබරගල කන්ද තරණය කර තිබෙන බවත් ය. සැකකරු දුම්රියේ සොරු සිටින බව පවසා රන් ආභරණ සියල්ල ගලවා වෙනම ආරක්ෂිතව තබා ගන්නා ලෙස මිතුරාට පවසා ඇත. ඒ අනුව ඔහු රන් මාලය, පෙන්ඩනය සහ අත් පළඳනාව ගලවා බෑගයට දමාගෙන තිබේ.

 

පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත්තේ, කන්ද තරණය කිරීමෙන් පසු එහි මුඳුනේ කූඩාරමක් ගසා දෙදෙනා රැය පහන් කර තිබෙන බවත්, පැමිණිලිකරු පෙරේදා (12) උදෑසන ඡායාරූප ගැනීමට ගිය අවස්ථාවේ සැකකරු රන් ආභරණ සොරාගෙන තිබෙන බවත් ය.

 

පසුව කළ සොයා බැලීමේ දී පොලිසිය විසින් සොයාගෙන ඇත්තේ, සැකකරු විසින් අදාල රන් භාණ්ඩ ඔහුගේ සපත්තුවක සඟවා තබාගෙන සිටි බවයි.කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සරත් විජේසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සහ නිලධාරීන් පිරිසක් විසින් පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

views

201 Views

Comments

arrow-up