කඩුවකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
18

කඩුවකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

කඩුවකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ඊයේ(17) රාත්‍රියේ කටුනායක පොලිස් වසමේ මහගම හීනටියන ප්‍රදේශයේදී කඩුවකින් පහරදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.


මරණකරු ත්‍රීරෝද රථ රියදුරෙකු වන අතර ඔහු එදින රාත්‍රියේදී ත්‍රිරෝද රථයට ඉන්ධන ලබා ගැනීමට යැයි පවසා නිවසින් පිටව ගොස් ඇති අතර ඒ යන අතරමගදී තවත් ත්‍රී රෝද රියකින් පැමිණි පිරිසක් එම පුද්ගලයාට කඩුවලින් පහර දී පළා ගොස් තිබෙන බවයි පොලීසිය ප්‍රකාශ කර සිටින්නේ.


අදාල පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.


ගැටුමට හේතුව පුද්ගලික ආරවුලක් බව පොලීසිය සදහන් කර සිටින අතර සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මේ වන විට පරීක්ෂණ ක්‍රියාත්මකයි.


මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හීනටියන ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙක්.

views

291 Views

Comments

arrow-up