මධ්‍යම අධිවේගයේ දහවල් 12 වනතුරු ගමනාගමනය නොමිලේ

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස ඊයේ ජනතා ඉදිරිපත් කිරීමත් සමග අද දහවල් 12 වනතුරු එම කොටසේ ගමන් ගන්නා වාහන වලින් ගාස්තු අය නොකිරීමට තීරණය වී තිබෙනවා.
එම කාල සීමාවෙන් පසු අයකෙරෙන ගාස්තු පිළිබඳ ගැසට් නිවේදනය ද මේ වන විට නිකුත් වී තිබෙනවා.
ඒ අනුව අන්තර් හුවමාරු දෙකක් අතර සැහැල්ලු වාහනයක් ගමන් කිරීමට රුපියල් 100ක්ද බර වාහනයක් සඳහා රු. 150ක්ද ගෙවිය යුතු වනවා.
මීරිගම සිට කුරුණෑගල දක්වා සැහැල්ලු වාහනයකින් අයකරන ගාස්තුව රු.250ක් වන අතර එය බර වාහනයකින් රු.350කි.
664 Views
Comments