සැමියාගේ හිරිහැර ඉවසනු නොහැකිව බිරිඳ එල්ලකළ පොරෝ පහරින් සැමියා අවසන් ගමන් යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
09

සැමියාගේ හිරිහැර ඉවසනු නොහැකිව බිරිඳ එල්ලකළ පොරෝ පහරින් සැමියා අවසන් ගමන් යයි

සැමියාගේ හිරිහැර ඉවසනු නොහැකිව බිරිඳ එල්ලකළ පොරෝ පහරින් සැමියා අවසන් ගමන් යයි

බිරිඳ විසින් එල්ල කල පොරෝ පහරකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

 

කුරුවිට, කන්දලන්ද ප්‍රදේශයේදී ඊයේ(08) රාත්‍රීයේ එම පහරදීම සිදුව ඇති අතර බරපතළ තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී අද(09) අළුයම ඔහු මිය ගොස් ඇත.

 

මෙලෙස මියගොස් තිබෙන්නේ 34 හැවිරිදි කැන්දලන්ද, කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

මරණකරු බීමත්ව නිවසට පැමිණ බිරිඳට නිරන්තරයෙන් පහරදීම් සිදුකර ඇති අතර ඒ සෑම අවස්ථාවකදීම බිරිඳ සහ දරුවන් අසල්වාසීන්ගේ නිවෙස්වල සැඟවී සිට තිබේ.

 

ඊයේ(08) රාත්‍රීයේද බීමත්ව තියුණු ආයුධයක් සහ ඇසිඩ් බෝතලයක් රැගෙන පැමිණිා සැමියා බිරිඳ මරණ බවට තර්ජනය කර ඇත.

 

එම අවස්ථාවේදී පොරොවක් රැගෙන පිටුපසින් පැමිණි බිරිඳ සැමියාට මෙම පහරදීම සිදුකර තිබේ.

 

අදාල සිද්ධිය සම්බන්ධයෙන් 31 හැවිරිදි අදාළ කාන්තාව පහරදීමට යොදා ගත් පොරොවද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

 

සිද්දිය සම්බන්ධයෙන් කුරුවිට පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

views

10578 Views

Comments

arrow-up