බඳින තුවක්කුව පත්තුවී සය දරු පියා ජිවිතක්‍ෂයට

බදින තුවක්කුවක් ක්‍රියාත්මක වී පාදයකට දරුණු ලෙස තුවාල සිදුව එම ස්ථානයේදිම මරණයට පත්ව සිටි සය දරු පියෙකුගේ සිරුරක් ඊයේ(31) සවස සොයා ගත් බව ආණමඩුව පොලිසිය පවසයි.
මෙලෙස මරණයට පත්ව තිබෙන්නේ ආණමඩුව වෙම්බුවැව පදිංචි දරුවන් හය දෙනෙකුගේ පියෙකු වු එස්.එම් විජ්ජා නැමති 69 හැවිරිදි පුද්ගලයෙකි.
දරුවන් හය දෙනාගේ නිවෙස් වෙත මාරුවෙන් මාරුවට යාම හේතුවෙන් එම ස්ථාන වල ඇති බව දරුවන් සිතා ඇතැයි පොලිස් පරික්ෂණ වලදි සනාථ වී ඇත.
කසිප්පු බීමට බරපතල ලෙස ඇබ්බැහිව සිටි මෙම පුද්ගලයා දින දෙකකට පෙර කසිප්පු සොයා ගමන් කරමින් සිටියදී ඌරන්ට ඇටවු බදින තුවක්කුවක් පත්තුවි එම ස්ථානයේදීම මරණයට පත්ව ඇති බව පොලිසිය කියයි.
දකුණු පාදය සම්පුර්ණයෙන් කුඩුවි යාමේන් ඇවිදගත නොහැකිව අධික ලෙස ලේ වහනය වීමේන් මරණය සිදුවන්නට ඇතැයි පොලිසිය සැක පලකරයි.
748 Views
Comments