“ගෙවත්තේ මිරිස්, බටු, නිවිති හිටවාගන්න ආහාර හිඟයක් එනවා” - වෙළෙඳ ඇමතිගෙන් ඉල්ලීමක්

ලබන ජනවාරි මාසයේ සිට තම තමන්ගේ ගෙවත්තේ කුමක් හෝ බෝග පැළ කිහිපයක් සිටුවා ගන්නැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
දෙවන ලෝක යුධ සමයේදී පවා ආහාර හිඟයක් ආ බවද ඒ මහතා සිහිපත් කළේය.
ආහාර මිල ඉහල යාම සම්බන්ධව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඔහු මෙසේ කියා සිටියේය.
“හැම නිවසකම වගේ මිරිස් පැල කිහිපයක්, බටු පැලයක්, නිවිති ටිකක් වගා කරගන්න.
මේ වගේ කෙටි කලකින් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. අපි යෝජනා කරලා තියෙනවා කඩිනම් වගා සංග්‍රාමයක්.
ජනවාරි මාසයේ සිට තම තමන්ගේ ගෙවත්තේ මොනවා හරි වගාකරගන්න. මොකද දෙවන ලෝක යුද්ධ කාලෙත් ඉතා විශාල ආහාර හිඟයක් ඇති වුණා.”
737 Views
Comments