කිසිම එන්නතක් ලබා නොගත් අයට බූස්ටර් ගත හැකිද?
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
19

කිසිම එන්නතක් ලබා නොගත් අයට බූස්ටර් ගත හැකිද?

කිසිම එන්නතක් ලබා නොගත් අයට බූස්ටර් ගත හැකිද?

මේ වන විට කිසිදු එන්නතක් ලබාගෙන නොමැති පුද්ගලයෙකුට වුවද වර්ධක මාත්‍රාව ලබා ගත හැකි බව මහාචාර්ය වෛද්‍ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කරනවා.

 

ඔහු කියා සිටියේ කිසිදු මාත්‍රාවක් ලබා නොගන්නවාට වඩා එක් මාත්‍රාවක් හෝ ලබා ගැනීම ප්‍රතිඵලදායක බවයි.

 

වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා

 

"දත්ත අනුව කියන්න පුළුවන් කිසිම මාත්‍රාවක් නොගෙන ඉන්නවාට වඩා එක මාත්‍රාවක් හරි ගන්න එක හොඳයි කියලා. නමුත් ෆයිසර් එක මාත්‍රාවක් අරගෙන මදි වෙනවා. එතකොට දෙකම ගන්න වෙනවා ඒ අයට. මාත්‍රාවන් දෙකක් අරන් රෝගයත් හැදිලා තියෙනවා නම් එතනත් ආරක්ෂාවක් තියෙනවා. මං කියන්නේ ලෙඩේ හදාගන්න නෙමෙයි. එන්නත ගන්න."

views

831 Views

Comments

arrow-up