මිරිස්වත්තේ වාහන තුනක් එකට ගැටී තුනක් රෝහලට

ගම්පහ - වතුරුගම ප්‍රධාන මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේදී පෞද්ගලක බස් රථයක්, කුඩා ප්‍රමාණයේ ලොරි රථයක් සහ වෑන් රියක් ගැටී නිවසකට කඩා වැදීමෙන් තිදෙනෙකු තුවාල ලබා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය පවසයි.
ධාවනය වෙමින් තිබූ බස් රථයක් ඉදිරියෙන් පැමිණි ලොරියෙහි මුහුණට මුහුණ ගැටී අසල පිහිටි නිවසක් තුලට කඩා වැදී ඇති අතර පසුපසින් පැමිණි වෑන් රථයක්ද මින් අනතුරට පත්ව තිබේ.
තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
බස්යේ සහ වෑන් රියේ ගමන් ගත් පිරිස අතුරින් කිහිපදෙනෙකු සුලු තුවාල ලබා ඇති අතර බස් රථය කඩා වැදීමෙන් නිවසට දැඩි හානි සිදුව තිබේ.
785 Views
Comments