වැඩි මිලට පොහොර විකිණීමට ගිය ගොවියා කැලේකට ගෙන ගොස් ගස් බඳී
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
09

වැඩි මිලට පොහොර විකිණීමට ගිය ගොවියා කැලේකට ගෙන ගොස් ගස් බඳී

වැඩි මිලට පොහොර විකිණීමට ගිය ගොවියා කැලේකට ගෙන ගොස් ගස් බඳී

වැඩි මිලකට පොහොර විකිණීමට ගිය ගොවියෙකු ගස් බැඳ ආපසු මුදල් ලබා ගත් සිද්ධියක් අනුරාධපුර, පරසන්ගස්වැව පොලිසියෙන් වාර්තාවේ.

 

පරසන්ගස්වැව, කහගොල්ලෑව වන ලැහැබකදී මෙම සිදුවීම වූ බව පොලිසියට ලද පැමිණිල්ලක සඳහන් වෙයි.

 

තරුණ ගොවියෙකු තලාව, මල්වානේගම ගොවියෙකුට රසායනික පොහොර මිටි තුනක් මිට පෙර රුපියල් 50,000 අලෙවි කර තිබේ.

 

එම පොහොර මිටි ලබා ගත් ගොවියා නැවතත් පෝර මිටි දෙකක් ඉල්ලා සිටි අවස්ථාවේ  වැඩිපුර මුදලක් පොහොර අලෙවි කළ පුද්ගලයා පොහොර ගත් පුද්ගලයාගෙන් ලබාගෙන ඇතත් මුදලට පොහොර ලබාදීමට අපොහොසත් වීමෙන් මෙම ගැටුම සිදුව ඇතැයි වාර්තා වේ.

 

මුදල් නොදී මඟ හැරීම හේතුවෙන් පොහොර ඉල්ලා සිටි පුද්ගලයා තවත් පිරිසක් සමග ගොස් ඔහුව කැලයකට ඇදගෙන ගොස් ගසක බැඳ ඇති අතර ඒ අතුරතුර මුදල් ලබාදීමෙන් පසු ඔහු මුදා හැර ඇතැයි වාර්තාවේ.

views

740 Views

Comments

arrow-up