JAN
07
චීන පොහොර නැවට මහජන බැංකුව මුදල් ගෙවයි

මතභේදයට තුඩු දුන් චීන පොහොර නෞකාව අයත් සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 6.9ක මුදලක් ගෙවීමට මහජන බැංකුව තීරණය කර ඇත.
මහජන බැංකුව පැවසුවේ කොළඹ වාණිජ මහාධිකරණය විසින් පනවා තිබෙන වාරණ නියෝගය ඉවත් කිරිම නිසා අදාළ නෞකාව අයත් සමගමට එම මුදල ගෙවීමට තීරණය කළ බවයි.
පොහොර නෞකාව ප්‍රතික්ෂේප කලද ප්‍රමිතියෙන් යුත් පොහොර නැවත ලබාදෙන බවට දෙපාර්ශවය අතර එකඟතාවයකට පැමිණි බව අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව මහජන බැංකුව හරහා අදාළ සමාගමට මුදල් ගෙවීමට නියමිතව තිබේ.
721 Views
Comments