නව ක්‍රමයක් යටතේ මෝටර් රථ ආනයනයට අවසර

මෝටර් රථ ආනයනය කිරීම සඳහා වැයවන සමස්ත වියදම විදෙස් මුදල් පමණක් භාවිතා කර ගෙවීමේ නව ක්‍රමයක් රජයට යෝජනා කිරීමට බලාපොරොත්තු වන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කළේය.
නව වාහන ආනයන ක්‍රමවේදය සම්බන්ධයෙන් රජයට ලිඛිතව දැනුම්දීමට බලාපොරොත්තු වන බවත් එම ක්‍රමවේදයේ මූලික අරමුණ රටේ මුදල් ආරක්‍ෂා කරගැනීම බවත් මහ බැංකු අධිපතිවරයා කීවේය.
මෝටර් රථ ආනයන කිරීම සඳහා වැඩි ඩොලර් ප්‍රමාණයක් රටින් පිටවීම නිසා මේ වන විට වසර දෙකකට ආසන්න කාලයක සිට මෝටර් රථ ආනයනය අත්හිටුවා තිබේ.
880 Views
Comments