වී තොග ඇත්තේ තව මාසයකට පමණි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
17

වී තොග ඇත්තේ තව මාසයකට පමණි

වී තොග ඇත්තේ තව මාසයකට පමණි

වී අලෙවි මණ්ඩලය සතුව වී තොග ඇත්තේ මාසයකටත් අඩු කාලයකට පමණක් බව වී අලෙවි මණ්ඩලය පවසයි.

 

ඒ අනුව වී කිලෝ ලක්ෂ 45 ක් වැනි ප්‍රමාණයක් දැනට වී අලෙවි මණ්ඩලය සතුව පවති.

 

වී නොලැබීම හේතුවෙන් වසා ඇති හම්බන්තොට වී ගබඩා, ගොවි සංවිධානවලින් ඉල්ලීමක් ලැබුණොත් විවෘත කිරීමට සලකා බලන බව ද වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පැවසීය.

 

මේ අතර හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට හෙට (18) දින අමාත්‍ය මහින්ද අමරවීර මහතා සාකච්ඡාවක් කැඳවා ඇති බවද වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පැවසීය.

views

797 Views

Comments

arrow-up