අඟහරු ග්‍රහයා පිළිබඳ නව සොයාගැනීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
10

අඟහරු ග්‍රහයා පිළිබඳ නව සොයාගැනීමක්

අඟහරු ග්‍රහයා පිළිබඳ නව සොයාගැනීමක්

අඟහරු ග්‍රහයාගේ දිනක් සඳහා ගතවන කාලය අඩු වී තිබෙන බව සඳහන් වේ. එහි භ්‍රමණ වේගය වැඩි වීම හේතුවෙන් එලොඑස සිදුව ඇත.

 

 

විද්‍යාඥයන් මේ බව හෙළිකර ගෙන ඇත්තේ නාසා හි ඉන්සයිට් මෙහෙයුමේ රේඩියෝ තරංග දත්ත ඇසුරෙනි.

 

 

මෙය මෙතෙක් අඟහරු ග්‍රහයාගේ භ්‍රමණ වේගය පිළිබඳ සිදුකළ නිවැරදිම මෙහෙයුමයි.

 

 

මේ අනුව සෑම වසරකම අඟහරු ග්‍රහලෝකයේ භ්‍රමණ වේගය ඉහළ යෑමෙන් අඟහරුගේ දිනක කාලය මිලි තත්පර තුනෙන් එකකින් අඩු වනවා.

 

 

එමෙන්ම අඟහරු ග්‍රහයාගේ රාත්‍රී කාලයට වඩා දිවා කාලයේ දී භ්‍රමණ වේගය වැඩි වීමක් නිරික්ෂණය කර තිබෙනවා. විද්‍යාඥයන් ඊට හේතුව මෙතෙක් සොයා ගෙන නැහැ.

 

 

views

269 Views

Comments

arrow-up