නව බදු ලිපිගොනු ආරම්භ කිරීමේදී ගැටලු රාශියක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

නව බදු ලිපිගොනු ආරම්භ කිරීමේදී ගැටලු රාශියක්

නව බදු ලිපිගොනු ආරම්භ කිරීමේදී ගැටලු රාශියක්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නියෝජිතයන් පවසන්නේ නව බදු ලිපිගොනු ආරම්භ කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රජයෙන් ඉලක්කයක් ලබාදී ඇතත් එය ක්‍රියාත්මක කිරීමේදී ගැටලු මතුවී ඇති බවයි.

 

 

මේ බව අනාවරණය කෙරුණේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නියෝජිතයන් පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව හමුවට පැමිණ සිටි අවස්ථාවේදීය.

 

 

ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතීත්වයෙන් රැස්වී තිබුණි.

 

 

එහිදී, වෘත්තීය සමිති නියෝජිතයින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දැනට භාවිත වන RAMIS පද්ධතිය භාවිත කරමින් නව බදු ලිපිගොනු ආරම්භ කිරීමේ විශාල ප්‍රමාදයක් පවතින බව පෙන්වා දුන් අතර මෙය විධිමත් කිරීමට කඩිනම් ක්‍රියාමාර්ගයක් අවශ්‍ය බව පැවසීය.

 

 

කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේ RAMIS පද්ධතියේ පූර්ණ ප්‍රතිලාභ අත් කරගැනීමට නම් එය ක්‍රියාත්මක කිරීමේ වගකීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව භාරගත යුතු බවත් එය පවත්වාගෙන යාමට රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වයක් ඇති කළ යුතු බවයි.

 

 

කමිටු සභාපතිවරයා මෙහිදී තවදුරටත් සඳහන් කළේ රාජ්‍ය ආයතන 13ක් ඒකාබද්ධ කරමින් නිර්මාණය කෙරෙන ඒකාබද්ධ තොරතුරු පද්ධතියට සම්බන්ධ වන ලෙසද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇති බවයි.

 

 

කාරක සභා සභාපතිවරයා උපදෙස් දුන්නේ වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයන් සඳහා බදු ලිපිගොනු විවෘත කිරීමට ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී සිදුකිරීමට නියමිත සංගණනය සමග සම්බන්ධවී ජංගම දුරකථන යෙදුමක් (Mobile App) භාවිතයෙන් අදාළ තොරතුරු රැස්කොට නිසි දත්ත පද්ධතියක් සැකසීමට පියවර ගන්නා ලෙසයි.

 

 

මෙම සාකච්ඡාවේදී බදු ගෙවන්නන් විශාල ප්‍රමාණයක් ලියාපදිංචි කිරීමේදී (bulk registration) RAMIS පද්ධතියේ පවතින තාක්ෂණික දුර්වලතා හේතුවෙන් එය සිදු කිරීමට අපහසුවී ඇති බවත් එහිදී පුද්ගලයින්ගේ නම හා ජාතික හැඳුනුම්පත අනිවාර්ය අංගයක් ලෙස සලකා විද්‍යුත් ලිපිනය හා ග්‍රාමසේවා නිලධාරී කොට්ඨාසය අනිවාර්ය වීමේ අවශ්‍යතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් ද අවධානයට ලක්විය.

 

 

එම දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නියෝජිතයින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පවතින විවිධ ගැටලු පිළිබඳව කමිටුවේ අවධානයට යොමු කර තිබුණි. 

 

 

views

179 Views

Comments

arrow-up