දිවයිනේ බන්ධනාගාරගත රැඳවියන්ගේ තදබදය ඉහළ යයි

බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ දිවයිනේ බන්ධනාගාරගත රැඳවියන්ගේ තදබදය ඉහළ ගොස් ඇති බවයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ මේ වසර ආරම්භයත් සමඟ විවිධ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගත රැඳවියන්ගේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවයි.
රැඳවියන් 13,241 දෙනෙකු සමස්තයක් ලෙස දිවයිනේ සියලු බන්ධනාගාර තුළ රැඳවිය හැකි වුවත් මේ වන විට එම සංඛ්‍යාව 29,000කට ආසන්න වී තිබේ.
වාර්තා වන්නේ ඒ යටතේ රැඳවියන් 19,000කට ආසන්න සංඛ්‍යාවක් සැකකරුවන් වන අතර,10,000කට ආසන්න පිරිසක් සිරකරුවන් වන බවයි.
352 Views
Comments