ශ්‍රී ලංකාවේ දිවිනසාගැනීම් වල ඉහළ යාමක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
24

ශ්‍රී ලංකාවේ දිවිනසාගැනීම් වල ඉහළ යාමක්

ශ්‍රී ලංකාවේ දිවිනසාගැනීම් වල ඉහළ යාමක්

පසුගිය වසර වලට සාපේක්ෂව මේ වසරේ සියදිවි නසාගැනීම් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව මනෝ විද්‍යා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ මනෝ වෛද්‍ය විශේෂඥ චතුරි සුරවීර මහත්මිය අනතුරු අඟවා ඇත.

 

 

මාධ්‍ය හමුවක් අමතමින් ඇය පැවසුවේ පුද්ගලයන් 100,000 කට සියදිවි නසාගැනීම් 17 ක් වාර්තා වන බවයි (100,000:17).

 

 

2022 සහ 2023 වසර සඳහා දත්ත ලැබී නොමැති බවත් මේ වනවිට අප මේ වසරේ ගත කර ඇති මාස හතරට පමණක් එම සංඛ්‍යාව බෙහෙවින් වැඩි වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඇය සඳහන් කොට ඇත.

 

 

සියදිවි නසාගැනීම් පිළිබඳ වාර්තා කිරීමේදී මාධ්‍ය ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) වෙනුවෙන් ඇය වැඩිදුරටත් අදහස් දක්වා තිබේ.

 

 

වාර්ෂිකව සියදිවි නසාගැනීම් 3,000 ක් වාර්තා වන අතර දිනකට සිදුවීම් අටක් හෝ නවයක් පමණ වාර්තා වේ. 

 

 

සියදිවි නසාගැනීම් ක්‍රමයෙන් අඩු වෙමින් පැවතියද වර්තමාන ආර්ථික අර්බුදයත් සමග දැන් එහි සුළු වැඩිවීමක් දක්නට ලැබේ.

views

279 Views

Comments

arrow-up