APR
17
මහ බැංකුවේ මුදල් අස්ථානගතවීම ගැන තවමත් සොයයි

මහ බැංකුවේ ව්‍යවහාරික මුදල් සුරක්ෂිත ගබඩාවේ තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ 50 ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධියට අදාළව විමර්ශනයක් සිදුකොට අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද නියෝග කළේය.
කොටුව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේ දී ඔහු මෙම නියෝගය නිකුත් කර ඇත.
පොලිසිය අධිකරණයට දැනුම් දෙන ලද්දේ දැනට සිද්ධිය සම්බන්ධයෙන් මහ බැංකුවේ සේවකයින් හත් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.
332 Views
Comments