මෙවර යල කන්නයේ වී වගාවෙන් වාර්තාවක්

ගොවීන්ගේ නිෂ්පාදන වියදම් පහත දැමීමේ අරමුණින් රජය විසින් මඩ පොහොර නොමිලයේ ලබා දෙන අතරම මෙවර යල කන්නයේ දී වී වගා කරන සෑම ගොවියෙකුටම පොහොර මිල දී ගැනීම සඳහා හෙක්ටෙයාර් 01 කට රුපියල් 20,000 ක මුදලක් හා හෙක්ටෙයාර් 02 ක් වගා කරන ගොවීන්ට රුපියල් 40,000 ක මුදලක් වශයෙන් සහනාධාර මුදලක් ලබා දීමට කටයුතු යොදා තිබේ.
එසේම, රජය විසින් යූරියා සහ බන්ඩි පොහොර මිල ද තවදුරටත් අඩු කිරීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වන අතර වල් නාශක හා පළිබෝධ නාශක මිල ගණන් ද සියයට 20 කින් පහළ දැමීමට කටයුතු කොට තිබේ.
මේ සියළුම සහන සමග මෙවර යල කන්නයේ දී වී වගා කිරීමට අපේක්ෂිත කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 570,000 ක් වුවත්, එය හෙක්ටෙයාර් ලක්ෂ 07 දක්වා ඉහළ යා හැකි බවත්, මෙතෙක් අප රටේ යල කන්නයක දී වගා කළ වැඩිම කුඹුරු ප්‍රමාණය මෙවර වාර්තා වනු ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටී.
සියලුම පළාත් වල කෘෂිකර්ම බලධාරීන් හා මහවැලි අධිකාරියේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
238 Views
Comments