2023 අප්‍රේල් 04 - අද දවසේ කාලගුණ වාර්තාව
විදේශගත ඔබට
Latest_News
calendar
APR
04

2023 අප්‍රේල් 04 - අද දවසේ කාලගුණ වාර්තාව

2023 අප්‍රේල් 04 - අද දවසේ කාලගුණ වාර්තාව

ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පවසන ආකාරයට, අද දවසේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

මධ්‍යම, සබරගමුව, දකුණු සහ උතුරු මැද පළාත් වලත් ත්‍රිකුණාමලය, වවුනියා සහ මුලතිවු දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැක.

 

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන වෙරළබඩ ප්‍රදේශ වල උදෑසන කාලයේදීද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

මන්නාරම සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වාත්, පොතුවිල් සිට මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. 

 

සුළං ගිනිකොණ සිට නිරිත දක්වා වන දිශාවලින් හමා එන අතර සුළගේ වේගය පැ. කි. මී. 20-30 පමණ වේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතී.

 

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

 

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                         
නගරය උෂ්ණත්වය (සෙඅංශක) සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණය
උපරිම අවම උපරිම අවම
අනුරාධපුරය 34 24 95 60 සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
මඩකලපුව 31 24 90 70 සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
කොළඹ 32 25 95 65 සවස 4.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක
ගාල්ල 30 25 95 75 වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
යාපනය 33 24 80 60 සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක
මහනුවර 32 20 95 60 සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
නුවරඑළිය 21 10 95 70 සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
රත්නපුරය 33 23 95 60 සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
ත්‍රිකුණාමලය 33 24 90 60 සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
මන්නාරම 32 25 90 65 සවස 4.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි 
views

247 Views

Comments

arrow-up