ආසියානු තරුණ නායකයින්ගේ සමුළුව චීනයේදී

ආසියාවේ තරුණ නායකයන්ගේ සමුළුව ඉකුත් 25 වනදා චීනයේ ගොවන්ජුන්හිදී ආරම්භ විය. නංෂා දිස්ත්‍රාක්කයේ පැවැති මෙම සමුළුව සඳහා ආසියානු කලාපය නියෝජනය කරමින් තරුණ නායකයෝ රැසක් සහභාගී වූහ. මෙම සමුළුවේ ප්‍රධාන දේශනය උප සභාපති, CPPCC ජාතික කමිටු සාමාජික, චීනයේ සියළුම කර්මාන්ත හා වෙළෙද සම්මේලනයේ සභාපති Gao Yunlong මහතා විසින් පැවැත්වූ අතර ආසියානු කලාපයේ විවිධ ක්ෂේත්‍රවල නායකත්වය දරන පුද්ගලයින් මෙහිදී කෙටි දේශන පැවැත්වූ බව සඳහන් කරයි.
මේ අතර මැලේසියාව, කොරියාව, ජපානය, කාම්බෝජය, ඉන්දුනීසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, තායිලන්තය නියෝජනය කරමින් විවිධ ක්ෂේත්‍රවල කැපී පෙනෙන දක්ෂතා දැක්වූ පුද්ගලයින්ද මෙම සමුළුවට සහභාගි වූ බව සඳහන් කර සිටී.
මෙම සමුළුවේදී අන්තර් පුද්ගල සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම සඳහා වැඩි අවධානයක් යොමු කර ඇති අතර චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන මහතා ද සමුළුවට සහභාගී වී සිටියේය.
සමුළුවේ දෙවැනි අදියර 26 වනදා පැවැත්වූ අතර ඊයේ දින පැළ සිටුවීමේ අවස්ථාවකින් සමුළුව අවසන් කෙරිණි.
223 Views
Comments