MAR
28
ඛනිජ තෙල් සේවකයින් දැඩි ක්‍රියාමාර්ගයකට සැරසේ

ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අද (28) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ඛනිජ තෙල් නිදහස් සේවක සංගමයේ සභාපති ජගත් විජේගුණරත්න මහතා ප්‍රකාශ කර සිටී. මේ අනුව ඉන්ධන පිරවුම්හල් 450 ක් බහු ජාතික සමාගම් 3 කට ලබාදීමට කටයුතු කිරීමට එරෙහිව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග එහිදී තීරණය කරන බවත්, මෙම කැබිනට් පත්‍රිකාව මෙතරම් ඉක්මනින් පැමිණේවි යැයි බලාපොරොත්තු නොවූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී.
255 Views
Comments