APR
03
මිනුවන්ගොඩදී තියුණු අවියකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කෙරේ

මිනුවන්ගොඩ,පත්තඬුව ප්‍රදේශයේ දී ඊයේ (02) දින පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව වාර්තා වේ.
මෙසේ මිය ගොස් ඇත්තේ අවුරුදු හතළිස් දෙකක් වන එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක් බව පොලිසිය පවසා සිටී.
මරණකරු තාවකාලිකව පදිංචි වී සිටි නිවසේ හිමිකරු සමග ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසුව තියුණු ආයුධයකින් ගෙල ප්‍රදේශයට පහරදී ඇති බව සඳහන් වේ.
සැකකරු මිනුවන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
259 Views
Comments