කොළඹ කැළි කසල ප්‍රශ්නයට තිරසර විසඳුමක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
03

කොළඹ කැළි කසල ප්‍රශ්නයට තිරසර විසඳුමක්

කොළඹ කැළි කසල ප්‍රශ්නයට තිරසර විසඳුමක්

කොළඹ නගරය ආශ්‍රිත ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය රජය හා පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ තවදුරටත් තිරසර ලෙස පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය පවසා සිටී.

 

එම ව්‍යාපෘතිය පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂඥ තාක්ෂණික කමිටුවේ කමිටු වාර්තාවේ සඳහන් වන්නේ ඒ සඳහා රුපියල් බිලියන 2.12 ක වියදමක් වාර්ෂිකව දැරීමට සිදුවන බවයි.

 

නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය පවසා සිටින්නේ ව්‍යාපාර ආකෘතියක් යටතේ මෙම ව්‍යාපෘතිය පවත්වාගෙන යාමෙන් රජයට යම්කිසි ලාභාංශයක් ද ලබාගත හැකි බවයි.

 

සාමාන්‍යයෙන් දිනකට කොළඹ නගරයේ පමණක් කැළි කසල මෙට්‍රික් ටොන් හයසියයකට අධික ප්‍රමාණයක් ඒකරාශි වන අතර ඒවා කැලණිය ප්‍රදේශයට එකතු කර එතැන් සිට දුම්රිය මගින් අරුවක්කාලු ප්‍රදේශයට රැගෙන ගොස් රඳවනු ලබන බව සඳහන් වේ.
 

views

240 Views

Comments

arrow-up