ඇසට් ආකේඩ් කඩා දැමීමට එරෙහිව තහනම් නියෝගයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
10

ඇසට් ආකේඩ් කඩා දැමීමට එරෙහිව තහනම් නියෝගයක්

ඇසට් ආකේඩ් කඩා දැමීමට එරෙහිව තහනම් නියෝගයක්

කොළඹ, කොටුව ප්‍රදේශයේ පිහිටි "ඇසට් ආකේඩ්" ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් කොළඹ මහ නගර සභාව වෙත අතුරු නියෝගයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ.

 

එම ගොඩනැගිල්ලේ පිහිටි ඩේටා එක්ස්චේන්ජ් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම විසින් ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති අතර, පෙත්සම් විභාගය අවසන් වන තෙක් මෙම තහනම් නියෝගය බල පැවැත්වෙන බව වාර්තා වේ.
 

views

241 Views

Comments

arrow-up