බෝබුරු ඇල්ලේ මාරක අනතුරකින් හය දෙනෙකුට තුවාල
විදේශගත ඔබට
Latest_News
calendar
APR
17

බෝබුරු ඇල්ලේ මාරක අනතුරකින් හය දෙනෙකුට තුවාල

බෝබුරු ඇල්ලේ මාරක අනතුරකින් හය දෙනෙකුට තුවාල

ඌව පරණගම බෝබුරු ඇල්ල, ගහලගම මාර්ගයේ සිදු වූ වෑන් රථ අනතුරකින් පුද්ගලයන් 6 දෙනෙකුට තුවාල සිදුව ඇති බව වාර්තා වේ. කාර්මික දෝෂයකට ලක් ව ඇති වෑන් රිය පල්ලම් සහිත මාර්ගයේ බෝබුරු ඇල්ල දෙසට නතර කර ගැනීමට නොහැකිවී ඉදිරියට ඇදී ගොස් තිබෙන අතර එහිදී වෑන් රථය පාලනය කර ගැනීමට නොහැකි වී අතුරු මාර්ගයකට හරවා තිබේ. එම අවස්ථාවේ වෑන් රථය වේල්ලක වැදී අනතුරට ලක්ව ඇති බව පොලිස් පරීක්ෂණ වලින් හෙළි වී තිබේ.

 

තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා ඌව පරණගම රෝහලට ඇතුත් කර ඇති බවත් අඹගස්දෝව පොලිසිය සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කරන බවත් සඳහන් වේ.

views

291 Views

Comments

arrow-up