"නීතියක් නැති ආණ්ඩුවක් එක්ක අපිට ගණුදෙණුවක් නෑ" කාදිනල් හිමි කියයි

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සඳහා පොරොන්දු ඉටු නොකළ ජනාධිපතිවරයාට ගෙදර බලා යාමට සිදු වූ බවත්, මෙම ආණ්ඩුව ද එම ක්‍රියාවලියම සිදුකරමින් මෙම සිදුවීම යට ගසමින් සිටිනා බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කර සිටී.
මෙම ප්‍රහාරය සඳහා වග කිව යුත්තන් හෝ සත්‍ය සැඟවීමට උත්සහ කරන්නන් සිටී නම් ඔවුන්ටද මේ ආකාරයටම ගෙදර යාමට සිදු වනු ඇති බවත් උන් වහන්සේ තවදුරටත් සඳහන් කළේය. මෙම සිදුවීමට වගකිව යුතු නිලධාරියෙක් තවමත් ආණ්ඩුව විසින් එම තනතුරේ තබා ගැනීමත්, නීතියට ගරු නොකරන ආණ්ඩුවක් සමග තමන්ට ගණුදෙණු කිරීමට අපහසු බවත් උන්වහන්සේ සඳහන් කළේය.
247 Views
Comments