පවතින අධික උණුසුම මැයි මාසය තෙක් දිගටම

උෂ්ණත්වයේ ඉහළ යෑම මැයි මස අග දක්වා අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වර්ෂාව සමග එම තත්ත්වයේ අඩු වීමක් තිබුණද එය තාවකාලික බව ශිරෝමනී ජයවර්ධන මහත්මිය සඳහන් කර සිටී.
මේ අතර අද (17) සහ හෙට (18) කිලිනොච්චිය, වවුනියාව, මුලතිව්, මන්නාරම, අනුරාධපුර, කුරුණෑගල, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු තරමේ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.
සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පාසල් පැවැත්වෙන කාල සීමා වල එළිමහනේ ක්‍රියාකාරකම් සීමා කරන ලෙසයි.
281 Views
Comments