නීති විරෝධී ලෙස ගෙන්වා එකලස් කළ යතුරුපැදි අටක් බොරලැස්ගමුවෙන් අල්ලයි

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට අනියුක්ත ගල්කිස්ස කොට්ඨාසයේ විශේෂ මෙහෙයුම් කණ්ඩායමට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී බොරලැස්ගමුව, විශ්වවිද්‍යාල පාරේ ආයතනයක් තුළ රහසිගතව සඟවා තිබූ අධිබලැති යතුරුපැදි අටක් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර එම යතුරුපැදිවල වටිනාකම රුපියල් කෝටි හතක් පමණ වන බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර පොලිස් භාරයට ගත් යතුරු පැදි 6ක් සඳහා ලියාපදිංචි කළ ඒවා බවට හැඟවෙන ලිපි ලේඛන ඔහු විසින් ඉදිරිපත් කර ඇති බවත්, අනෙක් යතුරුපැදි දෙකට කිසිදු ලිපි ලේඛනයක් නොමැති බවත් පොලිසිය ප්‍රකාශ කරයි. මෙම යතුරු පැදි කොටස් තීරුබදු රහිතව ව්‍යාජ ලෙස ආනයනය කර එකලස් කළ ඒවා බවට පොලිසිය සැක පළ කරයි.
පොලිස් භාරයට ගත් යතුරු පැදි හා ව්‍යාපාරිකයා ඉදිරිපත් කළ ලිපි ලේඛන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට සහ රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කර වැඩිදුර විමර්ශන සිදු කරන බවත්, සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටද නියමිත බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
243 Views
Comments