මහරගම ප්‍රදේශය තුළ සුරාබදු බලපත් නිකුත් කිරීම අත්හිටුවයි

අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන ලෙස උපදෙස් ලබා දී තිබේ. මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මෙම උපදෙස් ලබා දී ඇත.
එහිදී සංගීත සන්දර්ශන, සැණකෙලි සහ විවිධ කාරණා හේතුවෙන් දෛනිකව නිකුත් කෙරෙන සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම ද අත්හිටුවීමට පියවර ගන්නා ලෙස අග්‍රමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.
මෙහිදී මහරගම ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳවද අග්‍රමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇති බව සඳහන් වේ.
234 Views
Comments