හෙට දුම්රිය වැඩවැරුමට වෙන දේ මෙන්න

හෙට (15) දිනයේ දී පැවැත්වෙන බව කියන වැඩවර්ජන ක්‍රියාමාර්ගයට දුම්රිය සංගම් කිහිපයක් එක් නොවන බවට වාර්තා වේ.
ඒ අනුව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය, දුම්රිය නියාමකවරුන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති පිරිස් කිහිපයක් අදාල වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ නොවේ.
මේ අතර දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වන වගන්ති ප්‍රකාරව අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස ප්‍රකාශ කර ඇති ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලුම කාර්ය මණ්ඩලවල නිවාඩු 2023.03.14 වන දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට පියවර ගන්නා ලදි.
278 Views
Comments