මුදල් ඉල්ලා යැවූ මැතිවරණ කොමිසමේ ලිපිය හතර අතේ ගියත් තවමත් පිළිතුරක් නෑ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
07

මුදල් ඉල්ලා යැවූ මැතිවරණ කොමිසමේ ලිපිය හතර අතේ ගියත් තවමත් පිළිතුරක් නෑ

මුදල් ඉල්ලා යැවූ මැතිවරණ කොමිසමේ ලිපිය හතර අතේ ගියත් තවමත් පිළිතුරක් නෑ

පසුගිය දා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් ලබා ගැනීමට මැදිහත් වන ලෙස ඉල්ලමින්, මැතිවරණ කොමිසම තමන් වෙත යොමු කළ ලිපිය පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන්ට ඉදිරිපත් කළ බව, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. 

 

එම ලිපියේ පිටපතක්, මුදල් අමාත්‍ය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ද කතානායකවරයා විසින් යොමු කර ඇති අතර එම ලිපියෙන් මැතිවරණ කොමිසම කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ගතහැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ඒ හරහා පක්ෂ නායකයන්ගේ අවධානයට යොමු කළ බවත් කතානායකවරයා සඳහන් කළේ ය.

 

මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කර සිටියේ එම ලිපියෙන් මැතිවරණ කොමිසම කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී පක්ෂ නායකයන්ගේ අවධානයට යොමුකළ බවයි.  

 

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා මැදිහත් වන ලෙස පසුගිය දා ඉල්ලීමක් කරමින් මැතිවරණ කොමිසමේ සභාපති, නීතිඥ නිමල් පුංචිහේවා මහතා  අදාල ලිපිය කථානායකවරයා වෙත යොමු කළේය. 

 

මෙම වසරේ අය-වැය මගින් මැතිවරණ සඳහා වෙන්කළ මුදල්, පළාත් පාලන මැතිවරණයට නිදහස් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුව තුළ සම්මත කිරීමට පක්ෂ නායකයන්ගේ එකඟතාව ද හිමිව ඇත.
 

views

215 Views

Comments

arrow-up