අද කාලගුණ වාර්තාව
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
28

අද කාලගුණ වාර්තාව

අද කාලගුණ වාර්තාව

ශ්‍රී ලංකාවේ ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පවසන ආකාරයට අද දිනයේ, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති වේ.

 

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

 

උතුරු, උතුරු මැද, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කවලත් විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇති විය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

views

236 Views

Comments

arrow-up