මැදින් පොහොය නිමිත්තෙන් ඊයේ ශ්‍රී පාදයට මහ සෙනගක්

මැදින් පොහොය දිනය නිමිති කොටගෙන ඊයේ (06 දා) ශ්‍රී පාද උඩමළුවේ ආගමික වතාවත් රැසක් පැවැත්වුණු අතර ඒ සඳහා ශ්‍රී පාදානස්ථාධිපති , ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහදිසාවේ ප්‍රධාන සංඝනායක, බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන් ප්‍රධානත්වය ගෙන කටයුතු කරන ලදී.
ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට හැටන් මාර්ගය ඔස්සේ වන්දනාකරුවන් විශාල පිරිසක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණ සිටියහ. දුම්රියෙන් පැමිණි වන්දනාකරුවන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා ප්‍රවාහනය කිරීමට හැටන් ලංගම ඩිපෝවට අයත් බස් රථ ගණනාවක් ධාවනයට එක්කර තිබුණු අතර පෞද්ගලික වාහනවලින්ද විශාල පිරිසක් පැමිණ සිටියහ.
ශ්‍රී පාද වන්දනාවේ මත්ද්‍රව්‍ය රැගෙන එන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා හැටන් පොලිස් කොට්ඨාශයට අනුබද්ධ පොලිස් ස්ථානවලින් විශේෂ මෙහෙයුම් ද දියත් කර තිබුණි.
219 Views
Comments