MAR
07
ලංකාවට ණය ගන්න උපරිම සහන දෙන බවට ජැනට් යෙලන් ජනපතිට දුරකථනයෙන් කියයි

ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය අතර පැවති දුරකථන සංවාදයක දී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති ණය මුදල ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා තම සහාය ලබාදෙන බව ඇමරිකානු ලේකම්වරිය ජනාධිපතිවරයාට දැනුම්දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
වත්මන් රජය ජාත්‍යන්තර ප්‍රජාව සමග විනිවිදභාවයෙන් කටයුතු කරන අන්දම පිළිබඳ තමන් සෑහීමකට පත්වන බවත් ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරිය මෙම සංවාදයේදී පවසා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරියකු පවසා සිටියේය.
215 Views
Comments