වතුකරයේ නිවාස හදන්න ඉන්දියාවෙන් දෙන මුදල වැඩි කරයි

මෙරට වතුකරයේ ජනතාවට ඉන්දීය රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතියේ තුන්වන අදියරයේ නිවසක් ඉදිකිරීම සඳහා වන පිරිවැය තුන් ගුණයකින් ඉහළ නංවා තිබේ.
ඒ, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.
මෙහි දී මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල දිස්ත්‍රික්ක 7 ක ජීවත්වන වතු ජනතාව වෙනුවෙන් ඉන්දීය රජය නිවාස ඉදිකරමින් පවතින අතර පළමු සහ දෙවන අදියර යටතේ මෙරට විවිධ ප්‍රදේශවලින් ඉන්දීය රජයේ ආධාර මගින් නිවාස 46000 කට ආසන්න ප්‍රමාණයක් ඉදිකෙරිණි.
198 Views
Comments