තෙල් සංගම් සේවකයිනුත් හෙට වර්ජනයේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
14

තෙල් සංගම් සේවකයිනුත් හෙට වර්ජනයේ

තෙල් සංගම් සේවකයිනුත් හෙට වර්ජනයේ

සිය සංගමය නියෝජනය කරන තෙල් සේවකයින් හෙට (15) දින වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සඳහා එළඹෙන බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කරයි.

 

මීට සමගාමීව අද දින ලෙඩ නිවාඩු සහ අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ග සදහා එළඹෙන බවද හෙතෙම පවසයි.

 

මේ අනුව දෙමටගොඩ,කොලොන්නාව, මුතුරාජවෙල, සපුගස්කන්ද ඇතුළු ස්ථානයන්හි විරෝධතාවන් සිදු කරන බවද හෙතෙම කියාසිටී.

 

කෙසේ නමුත් ඛණිජ තෙල් පොදු සේවක සංගමය හෙට දින ගන්නා වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නොමැත.

views

207 Views

Comments

arrow-up