“අපි අපේ බලවේග තරහ කර ගත්තා, ඒකයි අපිට වැරදුනේ” - බැසිල්

පොදුජන පෙරමුණේ ආණ්ඩුවට පාර වැරදුණු බව තමන් පිළිගන්නා බව එම පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සතිඅන්ත පුවත්පතකට පවසා ඇත.
නිවැරදි නොවන තීරණ ගැනීම, නිවැරදි තීරණ කලට වේලාවට නොගැනීම මෙන්ම ආණ්ඩුව අභ්‍යන්තරයේ මතුවූ ගැටලු මත මෙම අර්බුදය ඇතිවූ බව හෙතෙම සඳහන් කර තිබේ.
“අපි අපේ බලවේග ඉක්මනින් කරගත්තා. ඒ වගේම යහපාලනය ආණ්ඩුවටත් වඩා වැඩියෙන් යහපාලනය ක්‍රියාත්මක කරන්න ගියා. අපේ රජයට වැරදුනේ එතනින්” යැයිද හෙතෙම කියා තිබේ.
ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දැන්ම අදහසක් පළ කර නොහැකි බවද හෙතෙම සඳහන් කර ඇත.
307 Views
Comments