ධම්මික පෙරේරා ඉල්ලා අස් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
10

ධම්මික පෙරේරා ඉල්ලා අස් වෙයි

ධම්මික පෙරේරා ඉල්ලා අස් වෙයි

ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

 


බැසිල් රාජපක්ෂ මහතා ගේ ඉවත්වීමෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට ජුනි මස 10 වන දින ධම්මික පෙරේරා පත් කෙරුන අතර ඒ අනුව අද(10) දින වන විට ඔහු සිය අමාත්‍ය ධුරය හොබවා ඇත්තේ දින දාහතක් පමණයි.

 


සුපුරුදු පරිදි ව්‍යාපාරිකයන් පාර්ලිමේන්තුවට පැමිණෙන විට අනුගමනය කරන ක්‍රියාවලීන්ට අනුව ධම්මික පෙරේරා මහතා ඔහුට අයත් සියලු සමාගම් වල අධ්‍යක්ෂක මණ්ඩල තනතුරුවලින්ද මීට පෙරදී ඉල්ලා අස් වී තිබුණා.

 


කෙසේ වෙතත් රට තුළ පවතින අර්බුදකාරී තත්වය හමුවේ තමා සිය ධූරයෙන් ඉවත් වීමට තීරණය කළ බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.

 


නමුත් ඔහු තවමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් සිය මන්ත්‍රී ධූරයේ රැඳී සිටිනවා.

views

275 Views

Comments

arrow-up