හෙට සිට පෞද්ගලික බසුත් නවතී?
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
03

හෙට සිට පෞද්ගලික බසුත් නවතී?

හෙට සිට පෞද්ගලික බසුත් නවතී?

හෙට(04) සිට පෞද්ගලික බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම නතර වීමේ අවදානමක් පවතින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කර සිටිනවා.

 

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් පොදු ප්‍රවාහන සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් පෞද්ගලික බස් රථ සඳහා ද ලංගම ඩිපෝ මගින් ඉන්ධන නිකුත් කරන ලෙස රජය දැනුම් දී තිබුනත් ප්‍රාදේශීය ඩිපෝ මගින් පෞද්ගලික බස් සඳහා ඉන්ධන නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම හා සීමා කිරීම් සිදුකරන හෙයින් පෞද්ගලික බස් හිමියන් දැඩි අසීරුතාවයකට මුහුණ දී සිටින බවයි ඒ මහතා තව දුරටත් ප්‍රකාශ කර සිටියේ.

views

248 Views

Comments

arrow-up