මීටර් නැති ත්‍රිරෝද රථ අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
22

මීටර් නැති ත්‍රිරෝද රථ අත්අඩංගුවට

මීටර් නැති ත්‍රිරෝද රථ අත්අඩංගුවට

එළැඹෙන ජනවාරි (2022) මාසයේ සිට ත්‍රිරෝද රථ සඳහා මීටර් අනිවාර්ය කිරීමට ගැසට් පත්‍රය අත්සන් තබා ඇතැයි ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම පවසයි.

 

 

බස්නාහිර පළාතට අනිවාර්ය කරමින් ජනවාරි 1වැනි දින ගෙන එන මෙම නීතිය මාස තුනක් ඇතුළත දීපව්‍යාප්ත කරන බවත් ඉන් අනතුරුව මීටර් නොමැතිව කුලී ගමන් යන ත්‍රිරෝද රථ අත්අඩංගුවට ගැනීම සඳහා නීති සකස් කරන බවත් හෙතෙම පැවසීය.

views

686 Views

Comments

arrow-up