ඡන්දය ගැන කතා කරන්න මේ සතියේ තවත් සාකච්ඡාවක්

පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිසම ලබන අඟහරුවාදා (11) රැස්වීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.
මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් ලබා දෙන්නැයි දිගින් දිගටම කළ ඉල්ලීම් වලට බලධාරීන්ගෙන් මෙතෙක් නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බවද, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියටද මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුනු බවද, කොමිසම සඳහන් කර සිටී.
කෙසේ වෙතත් ඉදිරි දින දෙක තුළ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ලැබෙනු ඇති බවට මැතිවරණ කොමිසම අපේක්ෂාවෙන් සිටී.
අප්‍රේල් 25 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවණ කොමිෂන් සභාව මේ වනවිට දින නියම කර තිබේ.
241 Views
Comments