නවසීලන්තයේ ඉගෙන ගනිමින් සිටියදී මියගිය ලාංකික කාන්තාවක් නමින් ග්‍රාමීය සිසුන්ට ශිෂ්‍යත්වයක්

PHD උපාධිය හදාරමින් සිටියදී වෙලින්ටන්හිදී ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකික සිසුවියක් වෙනුවෙන් ඇගේ මිතුරන් පිරිසක් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සිසුන්ට ශිෂ්‍යත්වයක් ස්ථාපිත කිරීමට අරමුදල් රැස් කරන පුවතක් විදෙස් ආරංචි මාර්ග වාර්තා කර තිබේ.
ඝාතනයට ලක්ව ඇත්තේ වෙලින්ටන්හි වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි අප්සරා විමලසිරි නමැති තරුණියක් වන අතර ඇය පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටියදී ඇගේ සැමියා විසින් ඝාතනය කරන ලදී.
ඇගේ මරණයෙන් වසරක් පිරීම නිමිත්තෙන් මිතුරන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එක්ව මෙලෙස අරමුදල් රැස් කිරීම ආරම්භ කර තිබේ.
මීට අමතරව වික්ටෝරියා විශ්වවිද්‍යාලය ඇගේ නමින් සමාජ සාධාරණත්වය සහ මානව හිමිකම් පිළිබඳව අධ්‍යයනය කරන ශ්‍රී ලාංකික සිසුන් සඳහා අනුස්මරණ ශිෂ්‍යත්වයක් ද ස්ථාපිත කරන බව ඇගේ මිතුරන් පවසා ඇත.
අප්සරාගේ මරණයට සාධාරණයක් ඉටුකිරීමට මිතුරන් සහ ආචාර්යවරුන් තවමත් සටන් කරන බවත් ඇගේ ඝාතනය සිදු කළ පුද්ගලයාට නිසි දඬුවම් හිමි වී නොමැති බවත් ඔවුන් සඳහන් කර තිබේ.
288 Views
Comments