SEP
08
“ජනාධිපතිවරණයට තරඟ කරන්න මම සූදානම්” - රන්ජන්

ජනතාවගෙන් ඉල්ලීමක් ලැබුණහොත් තමා ජනාධිපතිවරණට පැමිණීමට සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සඳහන් කරයි.
ලංකාවේ බාගයක් සිටින්නේ හොරු නිසා හොරු සමඟ ඉපදුණු නිසා හොරු සමඟ ජීවත් වන්නට තමන්ටද සිදුවී ඇතැයි හෙතෙම පැවසීය.
තමන් සිටි පක්ෂවල ආසන සංවිධායකවරුන් ලෙසද පත් කරන ලද්දේ අනිත් පක්ෂයේ සිටින මැරයන්ට සහ කුඩ්ඩන්ට වඩා ප්‍රබල මැරයන් සහ කුඩ්ඩන් බවත් ඔහු කියා සිටී.
ඊයේ(07) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මෙම අදහස් පළ කලේය.
269 Views
Comments