ලිට්‍රෝ ගෑස් නැව් දෙකට කෝටි 12ක ප්‍රමාද ගාස්තු ගෙවන්න වෙලා
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
18

ලිට්‍රෝ ගෑස් නැව් දෙකට කෝටි 12ක ප්‍රමාද ගාස්තු ගෙවන්න වෙලා

ලිට්‍රෝ ගෑස් නැව් දෙකට කෝටි 12ක ප්‍රමාද ගාස්තු ගෙවන්න වෙලා

ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් ලිට්‍රෝ ගෑස් නැව් දෙකකට ඊයේ(16) වනවිට ප්‍රමාද ගාස්තු ලෙස අමතර රුපියල් කෝටි 12කට ආසන්න මුදලක් ගෙවීමට සිදුවී තිබේ.

 

ලිට්‍රෝ සමාගම විසින් ඇණවුම් කරන ලද ගෑස් මෙටි‍්‍රක් ටොන් 3500 බැගින් රැගත් නැව් දෙකක් මෙරට මුහුදු සීමාවට ළඟාවී ඇතත් ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා දින 12 ක් පමණ වරායේ නවතා ගෙන ඇත.

 

මෙම එක් නැවක් සඳහා ප‍්‍රමාද ගාස්තු ලෙස දිනකට ඇමෙරිකන් ඩොලර් 18,000ක් ගෙවීමට සිදුවන අතර නැව් දෙකට ඇමෙරිකන් ඩොලර් හාරලක්‍ෂ තිස්දෙදහසක් (4,32,000) ගෙවීමට සිදුවී ඇත.

 

ලිට්‍රෝ ගෑස් සමාගමේ කෙරවලපිටිය අංගනයේ තිබූ ගෑස් තොගද පසුගිය(15) වනදා වනවිට අවසන් වෙමින් තිබූ බවත් තිබෙන ගෑස් තොග අත්‍යවශ්‍ය සේවා සඳහා නිකුත් කෙරෙන බවත් එම සමාගමේ නිලධාරියෙක් පැවසීය.

views

630 Views

Comments

arrow-up